ෆොන්සේකාට කිසිම දර්ශනයක් නෑ – ලාල් කාන්ත

සරත් ෆොන්සේකා මහතාට කිසිඳු පැහැදිලි දේශපාලන දර්ශනයක් හෝ ආර්ථික වැඩපිළිවෙලක් නොමැති බවත් ඔහුට ඇත්තේ හුදු රාජපක්ෂ විරෝධයක්, ආණ්ඩු විරෝධයක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජවිපෙ හිටපු පාර්ලිමේන්තු… මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා මේ බව පවසන්නේ දෙරණ රූපවාහිනිය සමහ සාකච්චාවකට සහභාගී වෙමිනි.
එහිදී ආදහස් දක්වන ලාක් ලාන්ත මහතා “ෆොන්සේකා මහතා ජිනීවා ප්‍රශ්නය පිලිබඳවත් කිසිවක් ප්‍රකාශ කලේ නෑ. ඔහු නිතරම මහින්ද විරෝධය,ආණ්ඩු විරෝධය විතරයි කතා කලේ .ඔහුට කිසිම දේශපාලන දර්ශනයක්වත් ආර්ථික වැඩපිළිවෙලක්වත් තිබුනේ නෑ.අපි ඔහු පසුගිය ජනාධිපතිවරණයට ගෙනාව තමයි.නමුත් ඔහු දිගටම දේශපාලනය කරන්න ආපු කෙනෙක් නෙවෙයි.ඔහුට තිබුනේ ව්‍යවස්ථාව වෙනස් කරල ජනාධිපතික්‍රමයත් වෙනස් කරල එතනින් ඔහුගේ ගමන අවසන් කරන්න” යැයිද පැවසීය.
මීට පෙර නොබෝදා ප්‍රකාශයක් කරමින් ලාල් කාන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නැති බවත් අද ඔහු නිදහස් කරගැනීමේ උවමනාව වැඩියෙන්ම ඇත්තේ ඇමරිකාවට බවත්ය.
කෙසේ නමුත් 2009 දී ජනතා විමුක්ති පෙරමුණ තම සුපිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා කරලියට ගෙනවිත් අද වන විට ඔවුන් එකිනෙකට දේශපාලනව සතුරුව ක්‍රියා කරන මට්ටමකට පැමිණ තිබීම දේශපාලන අවස්ථාවාදය හොඳින්ම පෙනෙන සිදුවීමක් බව දෙශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඊළම තමිල්නාඩුවේ හදාගන්න – ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා

‘ශ‍්‍රී ලංකාවට වැඩිය ජනගහනයක් සිටින්නේ තමිල්නාඩු ප‍්‍රාන්තයේයි. කරුණානිධිට දෙමළ ඊළමක් ඕනි නම් එක් තමිල්නාඩුවේ හදාගන්න පුළුවන්. ඔහු ශ‍්‍රී ලංකාවේ ඊළාම් හදන්න එන්න ඕන නෑ. මේක නිදහස් ස්වෛරී රටක්. ඊළමක් ගැන කතාකරන අය අපි සලකන්නේ ත‍්‍රස්තවාදීන් ලෙසයි.’ යයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පල කලේ තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය කරුණානිධි විසින් ශ‍්‍රී ලංකවේ දෙමළ ඊළමක් සම්බන්ධ ජනමත විචාරණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කල යුතු යයි කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙසයි.
‘ශ‍්‍රී ලංකාවේ දැන් යුද්ධයක් නෑ. සියළුම ජාතීන් හොඳින් ජීවත් වෙනවා. කරුණානිධි දෙමල ජනතාව අවුස්සන්න එන්න ඕනි නෑ. ඇතැම් ඉන්දීය දේශපාලකයෝ නොයෙක් දේශපාලන කතා කියලා මේ රට විනාශ කරන්න හදනවා. කරුණානිධි කරන්නෙත් ඒකයි. මේ පහත් දේශපාලනය කවුරුවත් කල යුතු නෑ. මේ රට නිදහස් නිවහල් රටක් බව කරුණානිධි තේරුම්ගත යුතුයි. ඒ නිසා මෙහේ දෙමළ ජනතාවට ඊළමක් හදාදෙන්න කරුණානිධි එන්න ඕනි නෑ. දෙමළ ජනතාව බහුතරයක් සිටින තමිල්නාඩුවේ ඔහුට දෙමළ ඊළමක් හදාගන්න පුල්වන්’ යයිද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සැමදා අභිතව පෙනී සිටින ආරක්ෂක ලේඛම් තමිල්නාඩු කොටින්ට හොද පිළිතුරක් ලබා දීලා තියෙනවා. වික්‍රමබාහුලා රනිල්ලා වගේ සිංහල කොටිත් ඉන්නකොට රට වෙනුවෙන් කතා කරන නුතන ජාතික වීර සෙන්පති ගරු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට අපේ උත්තමාචාරය .
හයෙන් පහක ඡන්ද බලයෙන් පත්වූ ජනතා රජයට වසර 2යි
මහින්ද චින්තනයට යෝධ ශක්තියක් හයෙන් පහක ඡන්ද බලයෙන් පත්වූ ජනතා රජයට වසර 2යි
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දහහතර (14) වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වා හෙටට (8) වසර දෙකක් සම්පූර්ණ වේ. වසර 1947 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඇරැඹී මෙරට මහා මැතිවරණ වංශ කථාවේ ඉතා සුවිශේෂී සංධිස්ථානයක් වසර 2010 අප්‍රේල් මස 8 වැනිදා, පැවැති මැතිවරණයේ දී සනිටුහන් විය.
එනම්, තිස්වසරක දරුණු, ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධයකින් පසුව මුළු රටේම දිස්ත්‍රික්ක විසි දෙකම ආවරණය වන පරිදි පැවැති මහා මැතිවරණය මෙය වීමය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට මේ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 225න් 144ක් ම ලැබිණි. එය හයෙන් පහක බලයක් හිමිවීමකි.
මෙලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් 127 දෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූවෝවීම සුවිශේෂ කරුණකි. වසර 2010 අප්‍රේල් මස 08 වැනිදා මැතිවරණයේදී ඡන්ද ලබාදීමට 1,40,88500 දෙනෙකු සුදුසුකම් ලැබූහ. අපේක්ෂකයෝ 7620 ඡන්ද සටනට ඉදිරිපත් වූහ. ඡන්ද මධ්‍යස්ථාන 11,155කදී මැතිවරණය පැවැත්විණි.
නාවලපිටිය ආසනයේ ඡන්දයේ ප්‍රතිඵල ශූන්‍ය කළ මැතිවරණ මහලේකම් කාර්යාලය නැවැත වරක් මහනුවර දිස්ත්‍රික්කය සඳහා මහා මැතිවරණයක් 2010 අප්‍රේල් 20 වැනිදා පැවැත්වීය. එම ප්‍රතිඵලයත් සමඟ තුනෙන් දෙකක බහුතර ජයග්‍රහණයක් ලද එ.ජ.නි.සන්ධානය ආණ්ඩුවක් පිහිටුවූහ. ඊට ප්‍රථම අප්‍රේල් 22 වැනි දා හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල මහා සැසිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
නව පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස තේරී පත් වූයේ චමල් රාජපක්ෂ මහතාය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් කථානායකවරයා තෝරා පත් කැර ගැනිණි. චමල් රාජපක්ෂ මහතා කථානායක ධූරයට සුදුසු යැයි යෝජනා කෙළේ අගමැති දි.මු. ජයරත්න මහතාය. එක්සත් ජාතික පක්ෂ එවකට නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා එම යෝජනාව ස්ථිර කෙළේය.
දාහතරවැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලංකාවේ වැඩිම මනාප ලාභියා බවට පත්වූයේ එ.ජ.නි.ස. ගම්පහ දිසාවෙන් තරගකළ බැසිල් රාජපක්ෂ මහතාය. ඒ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව 4,25,861කි. ලංකාවෙන්ම වැඩිම මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කළ නාමල් රාජපක්ෂ මහතාය. ඔහු මනාප 1,47,566 ක් ලබා ගත්තේය.
වසර 1947, 1952, 1956,1960 (මාර්තු 19), 1960 (ජූලි 20), 1965, 1970, 1977, 1989, 1994, 2000, 2001, 2004 වල මහමැතිවරණ පවත්වා ඇත. කොළඹ ගාලු මුවදොරින් බැහැරව කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තුව රැස්වූයේ 7වැනි වතාවටය.
රු 7500 කින් මාසික වියදම් කළමනාකරණය කර ගනිමු
රු7,500 කින් සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත් විය හැක. ඇමති තුමා කිවේ මසුරන් වටිනා කතාවකි. අප සැවම මින් ඉගෙන ගත යුත්තේ මුල්‍ය කළමනාකරණය කොට අනාගතයේ ඇති විය හැකි ආර්ථික අර්බුද වලට ශක්තිමත්ව මුහුණ දිය යුත්තේ කෙසේද යන්නය. බොහෝ අඥානයෝ මෙය කවටකමකට සලකති. ඔවුහු මුල්‍ය කළමනාකරණය ගැන අල්පයක් හෝ දැනුමක් නොමැති ඇත්තෝය. අනවශ්‍ය සෑම දෙයකටම වියදම් කරන සල්ලාල ජිවිත ගත කරන ඔවුහු පොකට්ටුවේ මුදල් හිස් වූ විට තමන්ගේ අඩුපාඩු කම වසා ගැනීමට ආණ්ඩුවට බැන වදියි. එවැනි අඥාන අමන දුදනන් ගැන අනුකම්පා කරනවාට වඩා වෙන යමක් නැත. බොහෝ මෙවැනි පිරිස් උදෑසන අවදි වී තම ආහාර පාන නිවසේ පිලියල කර ගැනීම වෙනුවට ඉර මුදුන් වෙන්න හොරා දෙක තුනකට පෙර අවදි වී තම උදෑසන, දහවල් අහාර මුදල් ගෙවා ආපන ශාලා හා හෝටල් වලින් ලබා ගනී. සවස වැඩ අවසන්ව නිවෙස් වලට යන බොහෝ අය නිවසේ රාත්‍රී අහාර නිවසේම පිලියල කරනවා වෙනුවට වැඩ ඇරී බාර් එකේද ටිකක් නැවතී මුදල් වියදම් කර රාත්‍රී ආහාර හෝටල් වලින් රැගෙන නිවෙස් කරා යයි.
තුන් දෙනෙක් සිටින පවුලකට නිවසේ කෑම පිලියල කළහොත් ඊට දිනකට රු 200 වත් වැය වෙන්නේ නැත. රජයේ මග පෙන්වීමෙන් දැන් බොහෝ ග්‍රාමීය ගෘහ ඒකක වල එදිනෙදා අවශ්‍ය වන එළවලු පලතුරු වර්ග වගා කර තිබේ. එසේ තිබේ නම් දිනකට එළවලු පලතුරු සඳහා යන වියදම බොහෝ අවම වේ. බොහෝ සාමාන්‍ය පවුලකට මාසික විදුලි බිල හා ජල බිල ට වැය වනුයේ රු 500 පමණි. නිවසේ ළිදක් තිබේ නම් ඉන් රු 300 පමණ ඉතුරු කර ගත හැක. පාසල් ළමුන්ට හා රජයේ සේවකයින්ට ලබා දෙන ලංගම හා දුම්රිය නිදහස් ප්‍රවේශ පත්‍ර පහසුකම් ලබා ගන්නේ නම් ගමනා ගමන කටයුතු සඳහා යන්නේද ඉතාමත් සුළු මුදලකි. පෞද්ගලික බස් වෙනුවට දුම්රිය භාවිතා කරන්නේ නම් ගමන් සඳහා යන වියදම හරි අඩකින් පමණ අඩු වේ. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් ඊට මාසෙකට වැය වන්නේ 500 පමණ සුළු මුදලකි.
මේ උදාහරණ කිහිපයක් පමණි. හොද මුල්‍ය කළමනාකරණයකින් යුතුව මාසෙකට රු 7500 පමණ වියදම් කර ඉතුරු කර ගන්නා මුදලින් තම දරුවන්ගේ පවුලේ අනාගතය සාර්ථක කර ගන්නා මිනිසුන් බොහෝ ඇත. ඔබත් එවැනි මිනිසෙක් නම් මේ ගැන අනිත් අයත් දැනුවත් කර ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශයේ සත්‍ය හැමෝටම පෙන්වන්න. අසත්‍ය මඩ ප්‍රචාර පතුරවන්නන් හෙලා දකිමු.
Hello Sri Lanka
Welcome to the Sandanaya.Com
We are Under Construction We Will Be Back Soon.
Join Our Facebook: https://www.facebook.com/Sandanaya
Our Blogger Site: http://sandanaya.blogspot.com














